Monday, 26 December 2016

මා කියැවු පොත් පත්(1)


මේ මගේ පළමු පෝස්ට් එකයි. අපි පොතක් ගන්න යන කොට එහි ගුණාත්මක බව, අවශ්‍ය කරුණු හා අදාළත්වය පොත මතුපිටින් බලා තීරණය කිරීම තරමක් අස‍ීරුයි. මගේ මේ පොස්ට් අරමුණම වෙන්නේ මා කියැවූ පොත් අතරින් හොදම පොත් මොනවාදැයි කියා ඔබව දැනුවත් කිරීමයි.
මෙහි පළමු ළිපිය ඉංග්‍රීසි ව්‍යාකරනය සදහා වන පොත් පත් සදහා යොදා ගතිමී.

  1. ඉංගීසියට පදනම



සැමට ඉංග්‍රීසි අවශ්‍යයි. ඔබ එහි ආඩුනිකයෙක් නම් ඔබ කියැවිය යුතු පළමු පොත වන්නේ මෙම ඉංගීසියට පදනම පොතයි. මෙය සංසන්දනාත්මක ක්‍රමය මගින් ඉගැන්වීම සිදුකරයි. පිටු 330 ක්  හා පාඩම් ඒකක 32 එහි අඩංගු වී තිබෙනවා. එමෙන්ම එය ඉතා සරල සිංහල බසින් ලියැවී තිබෙනවා. පිටපත් 215 000 කට වඩා විකිණී ඇති ජනප්‍රිය පොතක් ලෙස මෙය හදුන් වා දිය හැක. මෙය ආචාර්ය ඇන්ටනි ප්‍රනන්දු ගේ කෘතියකි. මෙහි මිල රුපියල 550කි(කාලයත් සමග මිල වෙනස් විය හැක).

  1. Steps to Mastery English Grammar



ඉංග්‍රීසිය ගැන සුලු දැනුමක් ඇති අයෙකුට වඩා හොදින් තම ව්‍යාකරණ හැකියාව වර්ධන කි‍රීමට සුදුසු පොතකි.පාඩම් ඒකක 42 අඩංගු අතර අභ්‍යාස කොටස් 120ක් අඩංගු වේ. පිටු 312කි. මිල රුපියල් 430කි(කාලයත් සමග මිල වෙනස් විය හැක.). මෙය බර්ට්‍ර්ම් චීන්නයියා මහතාගේ කෘතියකි. අභ්‍යාස තුලින් ඉංග්‍රීසි උගෙන ගන්නා අයට උචිත පොතකි.

  1. Essential Grammar in Use



 ඔබ  ආඩුනිකයෙක් නම් මෙයද කියැවිය යුතු පොතකි. මෙය ලොව පුරා ජනප්‍රීය පෙතකි. පිටු 319 ක්  හා පාඩම් ඒකක 115 එහි අඩංගු වී තිබෙනවා. එමෙන්ම එය ඉතා සරල ඉංග්‍රීසි බසින් ලියැවී තිබෙනවා.මෙය ඉග්‍රීසියෙන් ම ලියැවී තිබුනමත් අර්ථය වඩා හොදින් තේරුම් ගැනීමට එහි රූප සටහන් ද අඩංගු වේ. මේ කෘතිය සමග අභ්‍යාස අඩංගු සීඩි තැටියක් අඩංගු වේ. මෙය රේමන්ඩ් මර්ෆි ගේ කෘතියකි. මෙහි මිල රුපියල් 1100කි(කාලයත් සමග මිල වෙනස් විය හැක.). මීට අමතරව ඔහු ඉංග්‍රීසියේ මට්ටම් අනුව තවත් පොත් හා Apps නිර්මාණය කර තිබේ. තවද මෙය Cambridge University Press අනුමත මුද්‍රණයක් වීම මෙහි වටිනා කම ඉහල නැංවීමට හේතුවක් වේ.

  1. ඉංගීසි ව්‍යාකරණ සිංහලයෙන්



‍මෙය ඉංග්‍රීසි උගන්නා භික්ෂුන්ට හා ඉංග්‍රීසිය තරමක් දත් සිසුන්ට උචිත පොතකි.ඇතැම් අවස්ථා වලදී මෙහි ඇති සිංහල කථනයට අදාළ නොවු ලියන සිංහලයට අදාළා වේ. මෙය මෙය ව්‍යාකරණය අක්ෂර මාලාවේ සිට ලිපි හා ඡේද ලිවීම දක්වා දීර්ඝකර තිබේ. එමෙන්ම ව්‍යාකරණයේ අවස්ථා ගැඹුරින් මෙහි විස්තර වීම ඔබේ දැනුම ඉහළ නැංවීම තවත් හේතුවේ.  මෙය පූජ්‍ය බලන්ගොඩ හිමියන් ගේ කෘතියකි. පිටු 427 ක් හා පාඩම් එ්කක 25කි. මෙහි මිල රුපියල් 680 යි.(කාලයත් සමග මිල වෙනස් විය හැක.) මීට අමතරව කථනය සදහා ඉංග්‍රීසි කථනයට අත් පොතක් යන කෘතියද එළිදක්වා තිබේ.

  1. English Grammar and Exercises 1,2,3, and 4



කුඩා දරුවන්ට හා සිසුන්ට ඉංගිසි උගන ගත හැකි  පොත් සැලකිය හැක. මෙය කුඩා අත්පොත් 4ක් වේ. කරුණු ඉතා කෙටියෙන් හා සරල වමෙහි අඩංගු වේ. මෙය චැප්මන් මහතාගේ කෘතියකි.

  1. Practical English



මෙය ඉංග්‍රීසියේ ප්‍රයෝගිකව භාවිතයන් විස්තර කෙරෙන කෘතියෙකි. මෙය සරල ඉංග්‍රීසයෙන් ලියවී තිබීම කරුණු වඩා හොදින් දාරණය ට උපකාරී වේ.මෙහි පාඩම් ඒකක කොටස් 22ක් හා පිටු 331ක් අඩංගු වේ. ඉංගිසී තරමක් දන්නා අයට උචිත පොතකි. ඡේද, ලිපි හා රචනා ලීවීම ආදීය ගැන මෙහි අඩංගු වේ. මෙහි මිල රුපියල් 650කි(කාලයත් සමග මිල වෙනස් විය හැක.).  මෙය WH සමරනායනක මහතා ගේ කෘතියකි. එතුමාගේ කෘති අතර English with a smile කෘති පාසල් යන ළමුන්ට(6 වසර සිට උපෙළ දක්වා) ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උපකාරී වේ.

ඔබට තවත් මෙවැනි පොත් ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස් තිබේ නම් මෙහි කමෙන්ටුවක් දමන්න.

No comments:

Post a Comment