ඇත්ත
නම් ඔබට Design Pattern එකක් වත් නොදැන වසර ගණනාවක් ක්‍රමලේඛකරුවකු
ලෙස වැඩ කළමනාකරණ කරනවා විය හැක. දැනටත් බොහෝමයක් මිනිසුන් එසේමයි. එවැනී අවස්ථා
වලදී ඔබ කෙසේ හෝ Design
Pattern ගැන නොදැන වුවත් සමහර Pattern ගොඩනගා ගන්නවා.ඉතින් ඇයි ඔවුන්(ක්‍රමලේඛකරුවන්) වේලාවන්
වැයකරමින් මේවා හදාරන්නේ?
පළමු වැන්න නම්, Design Pattern කියනනේ අත්හදා බලා පරික්ෂාවට ලක් කෙරූ ක්‍රමලේඛ
Design කරන විට එන ගැටලු විසදන මෙවලම් කට්ටලයකි.
එවැනී ගැටලු මුණනොගැසුනත් එය දැන සිටීම ප්‍රයෝජනවත් මන්ද එය උගන්වනවා අපට object-oriented design හි මූලධර්ම යොදා ගනිමින් සියලූම ගැටලු විසදන
ආකාරය.
දෙවැනි කාරණය නම්, Design patterns එක ඔබට හා ඔබේ කණ්ඩායමේ සමාජිකයන් අතර වඩා
කර්යක්ෂමව සන්නිවේදනය කිරීමේ භාෂාවක් ලෙස භාවිතා කළ හැකි වීම. ඒ කියන්නේ solution(විසදුම) එක ගැන විස්තර කර කර දෙනවට වඩා patterns නම විතරක් කිවීමෙන් පමණක් ප්‍රමණවත්
වීම.
උදාහරණයක් ලෙස ඔබ කියන්නේ "මෙයට singleton pattern එක දැම්මානම් හොදයි" කියාය. මෙය මීට වඩා විස්තර
කරන්න අවශ්‍ය නැහැ. එවිට අනෙක් සමාජිකයන් ඔබේ යෝජනාව පිළිබදව අදහස ඉන් ලැබෙනවා.
No comments:
Post a Comment