ලෝව මුල්ම
කාලයේ බිහි වු(Machine language, Assembly language හැරුනු විට) ක්‍රමලේඛණ බොහොමයක් වස්තු පාදක
කරගත් ඒවා නොවේ. එවැනි language හැදින්වූයේ Procedural හෝ Functional language කියාය. ප්‍රධාන වශයෙන් මෙහි variables,
methods අර්ථ
දැක්වීම් හා library import කිරීම් අඩංගු
වේ.
මෙම Procedural languages පසු කලීනව, විශාල ක්‍රමලේඛණය
පැමිණීමත් හා තාක්ෂණයේ දියුණුවත් සමග ඉවත් විය. නමුත් මෙම භාෂාවන් වර්ගය සුලු
වශයෙන් භාවීතා වේ. අද වන විට වස්තු පාදක ක්‍රමලේඛණය පෙර තිබු Functional languages වල දුර්වලතා මග
හරිමින් ක්‍රමලේඛ කරුවන් අතර ඉහල ජනප්‍රියතාවයක් හිමි කරගෙන තිබේ.
Object-oriented
programming enables you to develop large-scale software and GUIs effectively
මෙයින්
කියැවෙන්නේ වස්තු පාදක ක්‍රමලේඛණය මහා පරිමානයේ මෘදුකාංග හා අතුරු මූණත් කර්යක්ෂමව
ගොඩනැංවීමට ඉඩ ලබා දෙන බවක්ය. Procedural languages වලදි code ලියැවුනේ එකම document එකේ line එකෙන් line එකට පහළට පහළට ගමන්
කරන ලෙසිනි. මේකේදී හොද software එකක් ලියද්දී පේළිගාණ විශාල වෙනවා. එවිට දෝෂ(error එකක්) සොයා ගැනීම
ටිකක් අපහසුයි.
මෙහි ඇතිවන
අපහසුතා වූයේ,
1.
ක්‍රමලේඛය
විශාල වන විට කියැවීමේ අපහසුව
2.
ක්‍රමලේඛය
වෙනස් කිරීමේ අපහසුව
3.
තනි ගොනුවක
ලියැවෙන නිසා memory එකේ අනවශ්‍ය
ඉඩක් ගැනීම
ඉහත අපහසුතා
මගින්
1.
කේත
සම්පූර්ණයෙන් කියැවීම නිසා කාලය අපතේ යාම
2.
Line වැඩි නිසා
කේත වල සංකිර්ණ තාවය වැඩියි
3.
වෙනස් කිරීමේ
අපහසුව නිසා flexibility එක අඩුයි
Procedural languages වලට වැටෙන ක්‍රමලේඛන
වන්නේ C, Pascal වැනි languages. දැනට සුලු වශයෙන් ක්‍රමලේඛයන් මේවා යොදාගන්නවා.
නමුත් Operating System, Hardware වලට, හා Microcontroller වල ක්‍රමලේඛ ලිවීම
සදහා මෙම භාෂාවන් සුලබව යොදා ගන්නවා.
වස්තු පාදක ක්‍රමලේඛණයේදී
එකම document එකේ ලියනවා
වෙනුවට ඒ code එක document කිහිපයකට කඩලා
ලියනවා. පසුව එ්වා අදාළ document එකක් සමගම සම්බන්ධ කරනවා. උදාහරණයක් ලෙස් Banking
System සලකමු, එහි
අතුරුමූණත සදහා එකක් document, කේත Operating System එකේ ධාවනය කරන්න තවත් document එකක් අදාල bank account වලට තවත් document එකක්, transaction වලට තවත් document එකක් හා user details වලට වෙනම එකක් සාදයි.
No comments:
Post a Comment